Friday, April 26, 2024

General line - 0115112241

නාපාන පේමසිරිි මහා නාහිමියන්ගේ් ආදාහන පූජෝත්සවය පැවැත්වේ




අපවත් වී වදාල අති පූජ්‍ය නාපාන පේමසිරිි මහා නාහිමියන්ගේ් ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ සිදු කෙරුණා. ඒ  පූර්ණ රාජ්‍ය අනුග‍්‍රහය සහිතව කුණ්ඩසාලේ, බණ්ඩාරනායක ජාතික පාසල් කී‍්‍රඩාංගණයේදීයි. 

එම ආදාහන පූජෝත්සවය ඇමතූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ උන්වහන්සේගේ චරිතය සමස්ථ භික්ෂූන් වහන්සේලාට පමණක් නොව ගිහි ජනතාවටද ආදර්ශයක් බවයි.

මේ අතර ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 14  වන මහ නායක හිමි ලෙස අතිපුජ්‍ය මකුලෑවේ විමල අනුනායක හිමියන් පත් කෙරුණා. 

 ඒ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාව විසින්. අභිනව ධුරයට පත් වූ උන්වහන්සේ මාධ්‍ය හමුවේ කියාසිටියේ ශ‍්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිවෘද්ධිය වෙනුවෙන් තමන් වහන්සේ ඉදිරියටත් කටයුතු කරන බවයි.