Friday, April 26, 2024

General line - 0115112241

මන්නා මංජු ඝාතන සැකකරුවන්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි




දිනේෂ් සංජය නොහොත් මන්නා මංජු නමැති පාතාල කල්ලි සාමාජිකයා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් දෙදෙනාගෙන් දින 3 ක රැඳවුම් නියෝග මත ප‍්‍රශ්න කිරීම් සිදු කරනවා.

මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැණුනේ දෙහිවල ප‍්‍රදේශයේදීයි. ඔවුන් අවුරුදු 19 සහ 20 යන වයස්වල පසුවන්නන් වනවා.

ඉකුත් ජුලි මස 21 වැනිදා ගල්කිස්ස ශාන්ත සිල්වෙස්ටර් පාරේදී දිනේෂ් සංජය නොහොත් මන්නා මංජු වෙඩි තබා ඝාතනය කෙරුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ටී 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ 31 ක් සහ පතුරොම් ගැබ් එකක් සොයා ගැණුනා. පෑලියගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන මෙහෙය වනවා.