Friday, April 26, 2024

General line - 0115112241

රජයේ කාර්යාලයක සේවිකාවකට පහර දෙන ලොක්කා (VIDEO)




බස්නාහිර පළාතේ රජයේ කාර්යාලයක සේවය කරනු ලබන නිලධාරිනියකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය හරහා සංසරණය වනවා.

එම කාර්යාලයේ ඉහළ නිලධාරියෙක් යැයි පැවසෙන පුද්ගලයෙක් එහි සේවිකාවකට මෙම පහරදීම සිදු කරන අයුරු මෙම වීඩියෝවේ සටහන් කෙරේ.

දුරකථන අංකයක් සොයා දෙන ලෙස තමන්ට මෙම ඉහළ නිලධාරියා පැවසූ බවත් එය මිනිත්තු 05ක කාලය තුලදී ඉටුකළත් අදාළ නිලධාරියා තමන්ට දෝශාරෝපණය කළ බවත් ඔහු නිරන්තරයෙන්ම තමන්ව මානසිකව හිංසනයට ලක් කරන බවට එම නිලධාරිනිය මෙම වීඩියෝ වෙන් චෝදනා කරන අයුරු අසන්නට ලැබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම සේවිකාව සිය ඉහළ බලධාරීන්ට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ එම විඩියෝවයි