Friday, April 26, 2024

General line - 0115112241

මහනුවර රෝහලේ කාර්යය මණ්ඩලයේ 17කටත් කොරෝනා - වෛද්‍යවරයෙකුත් ඒ අතර

කමල් සුරවීර / ජුඞ් සමන්ත / ජී එල් ජයසිංහ




පුත්තලම දිස්ති‍්‍රක්කයේ ධීවරයින් අතර නැවත වරක් කොරෝනා වෛරසය ව්‍යාප්තවෙමින් ඇති බවට පෙන්නුම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ සදහන් කළේ සංචරණ සීමා පනවා ඇති ප‍්‍රදේශද මේ වනවිට අවදානම් තත්ත්වයට පත්වෙමින් ඇති බවයි.

මේ අතර කළුතර දිස්ති‍්‍රක්කයේ අටළුගම ප‍්‍රදේශය ආශි‍්‍රතව කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අදහස් පළ කළා. මේ, එහි සංස්කාරක වෛද්‍ය හරිත අලූත්ගේ.

මේ අතර මහනුවර ජාතික රොහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 17 දෙනෙකුට  මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉරේෂා ප‍්‍රනාන්දු පැවසුවේ ඒ අතර වෛද්‍යවරයෙක් සහ හෙදියන් හත් දෙනෙකුද සිටින බවයි.

කෙසේවෙතත් මහනුවර ජාතික රෝහලේ අත්‍යවශ්‍ය ප‍්‍රතිකාර කටයුතු සිදු කෙරෙන බවයි රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය ඉරේෂා ප‍්‍රනාන්දු කියාසිටියේ.