Saturday, April 27, 2024

General line - 0115112241

දෙරටේ ආරක්ෂාව ගැන ඉන්දු - ශී‍්‍ර ලංකා සාකච්ජා




ඉන්දු - ශී‍්‍ර ලංකා ආරක්ෂක සහයෝගීතාව පිළිබඳ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් අතර සාකච්ජා පවත්වා තිබෙනවා. පෙරේදා ශ‍්‍රී ලංකාවට පැමිණි ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල්, ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ හමු වුණා. 

ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා එහිදී ඵලදායී සාකච්ජාවක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.  ඉන්දු - ලංකා ආරක්ෂක සහයෝගීතාව මෙන්ම ඉන්දීය සාගර කලාපයේ සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම,       ශ‍්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනය වැනි කරුණු එහිදී ප‍්‍රධාන වශයෙන් සාකච්ජාවට ලක් වී තිබෙනවා.

ඉන්දියාවේ සහභාගිත්වය ඇතිව ආරම්භ කර ඇති යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් අවසන් කළයුතු බවට දෙපාර්ශ්වය එකඟ වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. ශ‍්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනයට ඉවහල් වන නව ක්ෂේත‍්‍ර හඳුනාගෙන ඒවායේ ආයෝජනය කිරීමට ඉන්දියාවේ ඇති කැමැත්ත ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මෙහිදී දැනුම් දී තිබෙනවා. දැනටමත් බෙහෙවින් සතුටුදායක මට්ටමක පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා මෙම සාකච්ඡුාවේදී අවධාරණය කළා.