Saturday, April 27, 2024

General line - 0115112241

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙකු හඳුනා ගැනේ

කාංචන කුමාර ආරියදාස 




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ දී සිදුකරන ලද අහඹු PCR පරීක්ෂණයකින් පුද්ගලයන් 03 දෙනෙකුට එම වෛරසය ශරීරගත වී ඇති බවට අද උදෑසන හඳුනාගෙන තිබෙනවා.

කොවිඩ් වෛරසය පසුගිය කාලයේ සිටම මේ දක්වාම දඹුල්ල මහ නගර සභා බල සීමාවේ කිසිදු ආසාදිතයෙකු සොයා ගෙන නොසිටී අතර ආර්ථික මධ්‍යස්ථානය තුළ කම්කරුවන්, වෙළඳ සහයකයන් ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයින් 200 දෙනෙකුගේ PCR පරීක්ෂණ අහඹු ලෙස සිදුකළ බවයි නාගරික සෞඛ්‍ය අංශය සඳහන් කළේ.

ඒ අනුව ඊයේ රාත්‍රියේ දී නිකුත් කරන ලද වාර්තා අනුව ආර්ථික මධ්‍යස්ථානය තුල සිදුකරන ලද PCR පරීක්ෂණ මගින් පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.

පොහොය නිමිත්තෙන් අද දිනයේදී දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා තබා ඇති බැවින් ආසාදිතයන් සොයා මේ වන විට මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටින බව නගරාධිපති ජාලිය ඕපාත මීට සුළු මොහොතකට පෙර ප්‍රකාශ කර සිටියා.