Friday, April 26, 2024

General line - 0115112241

මහර බන්ධනාගාරය අසල උණුසුම් : රැඳවියන් ගේ ඥාතීන් උණුසුම් වචන හුවමාරුවක 




මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වය වාර්තා වීමත් සමග එහි රදවා සිටින තම ඥාතීන්ට සිදු වී ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට ඥාතීන් රැසක් මේ වන විටත් බන්ධනාගාරය අසලට රැස් වී සිටිනවා. ඔවුන් හා පොලිස් නිලධාරීන් අතර උණුසුම් වචන හුවමාරුවක් ද සිදු වූ බවයි එම ස්ථානයේ සිටින නෙත් නිවුස් වාර්තාරකරු පැවසුවේ. 

සිද්ධිය වාර්තා වීමත් සමග අද අළුයම සිට ඥාතීන් බන්ධනාගාරය අසලට පැමිණියා. ඒ අතරින් බහුතරය කාන්තාවන්. ඔවුන් එළෙස පැමිණ තිබුනේ කුඩා දරුවන්ද රැගෙනයි. 

බන්ධනාගාරය අවට ආරක්ෂාව සඳහා පොලිස් විශේෂ බලකාය හා පොලිසිය යොදවා සිටින බවයි එම ස්ථානයේ සිටින නෙත් නිවුස් වාර්තාරකරු මීට නොබෝ වේලාවකට පෙර පැවසුවේ. .