Friday, April 26, 2024

General line - 0115112241

"බුරවී" සුළි කුණාටුවේ ගමන් මග වෙනස් වෙයි




"බුරවී" සුළි කුණාටුවේ ගමන් මාර්ගයේ සුළු වෙනස් වීමක් ඇතිවී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියි.

මීට පෙර මෙම සුළි කුණාටුව අද දිනයේ සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ත්‍රිකුණාමලය ආසන්නයෙන් රට තුලට ඇතුල්වෙන බවට පෙර අනාවැකි පළකර තිබුනත් වත්මන් තත්ත්වය අනුව මෙම පද්ධතිය මුලතිව් ආසන්නයෙන් රට තුලට ඇතුල් විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මුහුදේ සිට රට තුලට මෙම සුළි කුණාටුව ගමන් කිරීමේදී එය "බ්‍රමණ චලිතයක්" ලෙස පැමිණෙන බැවින් මුහුදු රළ රට තුලට පැමිණිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

මෙම සුළි කුණාටුව රට හරහා ගමන් කරන බැවින් වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බැවින් ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර ඇතිවිය හැකි ඕනෑම ආපදා අවස්ථාවකට මුහුණ දීමට සියලුම ආපදා සහන කණ්ඩායම් සහ ත්‍රිවිධ හමුදාව සීරුවෙන් පසුවන බවයි ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න සඳහන් කළේ.