Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා ආසාධිතයන් ගණන 25,000 ඉක්මවයි




මෙරටින් වාර්තා වන නව්‍ය කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 25,410 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. 

ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 878 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. ආසාදිතයින් 18,304 දෙනෙකු  මේවනවිටත් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. රෝහල්ගතව තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 6,982 ක්. 

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා මරණ 02 ක් වාර්තා වුණා. කොළඹ 13 ප‍්‍රදේශයේ පදිංචිව සිටි 67 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙකු ඉකුත් 30 වනදා සිය නිවසේදීම මියගොස් ඇති බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොරෝනා ආසාදනය හේතුවෙන් හටගත් හෘදයාබාධයක්. 

හලාවත ප‍්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි වියේ පසුවූ කාන්තාවක් ද ඉකුත් 30 වනදා හලාවත දිස්ත‍්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එම අවස්ථාවේදී ඇය මියගොස් සිටි බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ. කොරෝනා ආසාදනය හේතුවෙන් හටගත් හෘදයාබාධයක් මරණයට හේතුවී ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව මේවනවිට මෙරටින් වාර්තා වන සමස්ථ කොරෝනා මරණ ගණන 124 ක්.