Saturday, April 27, 2024

General line - 0115112241

මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වලටත් දීමනා




මියගිය ති‍්‍රවිධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලට ලබාදෙන දීමනා, මියගිය පොලිස් නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයන්ටත් ලබාදෙන බව, මහජන ආරක්‍ෂක අමාත්‍ය, විශ‍්‍රාමික රියර් අදර්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ, අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප‍්‍රශ්ණයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

මේ, ඊට ප‍්‍රතිචාර දැක්වූ මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ‍්‍රාමික රියර් අදර්මිරාල් ආචාර්ය සරත් වීරසේකර.

බස් රථයකින් ක්ලේමෝ බෝම්බයක් රැගෙනයමින් සිටි හිටපු ඛඔඔෑ සාමාජිකාවක් හා ඇයගේ සැමියා පරන්තන්හිදී ඉකුත්දා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද අද පාර්ලිමේන්තුවේදී කතාබහට ලක් වුණා. 

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර චමින්ද විජේසිරි.

එම බුද්ධි නිලධාරීන්ට උසස්වීම් ලබාදීමට ද කටයුතු කරන බවයි ඊට ප‍්‍රතිචාර දක්වමින් මහජන ආරක්‍ෂක අමාත්‍ය විශ‍්‍රාමික රියර් අදර්මිරාල් ආචාර්ය සරත් වීරසේකර වැඩිදුරටත් පැවසුවේ.