Friday, April 26, 2024

General line - 0115112241

මහ බැංකු අධිපති ගැන ජනපති කතා කරයි




නව මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (02) පෙරවරුවේ කොළඹදී පැවති උත්සවයකදී අදහස් පළ කළා.

ඊට අදාළ පත්වීම් ලිපිය ලබන සදුදා දිනයේ ලබාදෙන බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

“මම මෙතනට එනකොට ආවේ මහ බැංකුවේ අධිපතිවරයා පත්කිරීම පිළිබඳව තීන්දුව අවසන් කරලා. ඒ අනුව මම අගමැතිතුමාට සඳහන් කළා මේ සඳහා සුදුසු පුද්ගලයා විදිහට ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පත්කිරීමට. ඒ අනුව අපි සඳුදා ඒ පත්වීම ලබාදීමට ක්‍රියාකරනවා. ඒ නිසා ඒ ප්‍රශ්ණය එතනින් අවසන් වෙනවා. ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා බැංකු ක්ෂේත්‍රයේ සහ අනෙකුත් අංශවල විශේෂඥතාවයක් තිබෙන කෙනෙක්”.

අද (02) පෙරවරුවේ නෙළුම් පොකුණ රඟහලේ පැවති ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවයට එක්වෙමින් මෛත‍්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ තමන් සියල්ලන්ගේ හඬට කන්දෙන පොදු මහජනතාවට පමණක් කීකරු ජනාධිපතිවරයෙකු බවයි.