Friday, April 26, 2024

General line - 0115112241

ලංකා ප්‍රිමීයර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගය අදයි - ආබාධ හේතුවෙන් ගාල්ලේ ප්‍රධාන අවිය නුවන් තුෂාර ඉවත් කෙරෙන ලකුණු




ලංකා ප‍‍්‍රිමියර් ලීග් කි‍‍්‍රකට් තරගාවලියේ අවසන් මහ තරගය හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී අද රාත්‍රීයේ පැවැත්වෙනවා.

ඒ තිසර පෙරේරා නායකත්වය දරන ජැෆ්නා ස්ටැලියන්ස් සහ භානුක රාජපක්ෂ නායකත්වය දරන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් අතරයි.

පළමු අවසන් පූර්ව තරගයේදී කලම්බෝ කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලූ දෙකක තියුණු ජයක් වාර්තා කරමින් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තා. ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේ දෙවන අවසන් පූර්ව තරගයේදී දඹුල්ල වයිකින්ග් කණ්ඩායම ලකුණු 37කින් පරාජය කරමින්.

ලන්කා ප‍‍්‍රිමියර් ලීග් කි‍‍්‍රකට් තරගාවලියේ වැඩිම ලකුණූ ලාභියා වන ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ ධනුෂ්ක ගුණතිලක සහ වැඩිම කඩුලූ ලාභියා වන ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමේ වනිදු හසරංග පිිළිබද අද තරගයේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් පවසන්නේ.

ලන්කා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ අද රාත්‍රී 7ටයි.

අවසන් මහ තරගයේදී පිටියේ විනිසුරුවන් ලෙස කුමාර් ධර්මසේන සහ රුචිර පල්ලියගුරුගේ කටයුතු කරන අතර තරග තීරකවරයා ලෙස රංජන් මඩුගල්ල කටයුතු කරනවා. 

තරගාවලියේ අවසන් මහ තරගය සදහා සිය කණ්ඩායමේ වෙනස්කමක් කළ හැකි බවත්, වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ආබාධය හේතුවෙන් අද තරගයෙන් ඉවත් කිරීමට හැකි බවත් ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක භානුක රාජපක්ෂ පැවසූවා.