Saturday, April 27, 2024

General line - 0115112241

ආබාධ නිසා ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිල අර්බුදයක




දකුණු අප‍්‍රිකාවට එරෙහිව සෙන්චූරියන් හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයට එක්ව සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ හේතුවෙන් මේ වන විට අර්බුධකාරී තත්ත්වයක් මතුව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය වූ ඊයේ ක‍්‍රීඩකයන්ගේ 05 දෙනෙකු ආබාධ වලට ලක්වීමයි. 

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ධනංජය ද සිල්වා පළමුව ආබාධයට ලක්වූ අතර පසුව කසුන් රාජිත, ලහිරු කුමාර හා වනිදු හසරංග ද ආබාධ වලට ලක් වුණා. පසුව දිනයේ අවසන් භාගය වන විට ඒ වන විට පන්දුවට පහර දෙමින් සිටි දිනේෂ් චන්දිමාල් ද ආබාධයකට ලක්ව සිටිනු අයුරු දැක ගත හැකි වුණා. 

මේ හේතුවෙන් පන්දු යවන්නන් සොයා ගැනීමට පවා නොහැකි වීමත් සමඟ නායකයා ලෙස දිමුත් කරුණාරත්නට ද කුසල් මෙන්ඩිස්ට ද පන්දු යැවීමට සිදු වීම විශේෂත්වයක්. 

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් පවසා ඇත්තේ දිනේෂ් චන්දිමාල් සුවයෙන් පසුවන බැවින් අද දිනයේදී පන්දුවට පහර දීමට හැකි වනු ඇති බවයි. 

මේ අතර කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 11 දෙනාගෙන් 05 දෙනෙකුම ආබාධ වලට ලක්වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් ආදේශක ක‍්‍රීඩකයින් සොයා ගැනීමට ශ‍්‍රී ලංකාවය දැන් සිදුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අයිසීසී සමඟ සාකච්ජා කිරීමටයි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු මිකී ආතර් සූදානම් වන්නේ.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සලයේ නව කොන්දේසි වලට අනුව තරඟයක් අතරතුර යම් ක‍්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් එම තරගය වෙනුවෙන් නම් කර ඇති ක‍්‍රීඩකයෙකු තරගය සඳහා ක‍්‍රීඩා කිරීමට අවසර හිමි වනවා. එහෙත් පන්දුවාර 20 තර`ගයක පමණක් එය සිදුව ඇතත් මේ දක්වා කිසිඳු ටෙස්ට් තරඟයක එවැනි ආදේශකයක් සිදු වී නැහැ.