Friday, April 26, 2024

General line - 0115112241

චීන අන්තර්ජාල සබ්මැරීන් කේබල් ගැන රටවල් රැසක් සැකයෙන්




සාගරය හරහා ලොව සියලු මහාද්වීප සම්බන්ධ කරමින් දිවෙන අන්තර්ජාල සබ්මැරීන් කේබල් තුළින් චීනයට රහසිගතව දත්ත  ලබාගැනීමේ හැකියාවක්  නිර්මාණය වී ඇති බවට ලෝකයේ බලවත් රටවල් රැසක් සැක උපදවා තිබේ.

ඇමරිකානු ,ජපාන සහ ඕස්ට්‍රේලියා බලධාරීන් සහ ආරක්ෂක විශ්⁣ලේෂකයන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ අදාළ කේබල් පද්ධතිවලින් සියයට අනූවක්ම  නිපදවීම, ඇතිරීම හෝ සංවර්ධනය කිරීමට  චීනයට අයත් සමාගම් සම්බන්ධ වී ඇති බවයි.

එහිදී චීනය මෙම කේබල් පද්ධති තුළින් ගමන් කරන  දත්ත රහසිගතව ලබාගැනීමට සහ පාලනය කිරීමට අවස්ථාවක් උදා කරගෙන ඇති බව එම රටවල්වල අදහස වී තිබේ.

ලෝකයේ සමස්ත අන්තර්ජාල දත්තවලින් සියයට අනූපහක් පමණ මෙම කේබල් පද්ධති හරහා ගමන් කෙරෙන බව සදහන් වේ.

ඒ අතර ආර්ථික සහ ආරක්ෂක වශයෙන් වැදගත් සහ සංවේදී දත්ත ප්‍රමුඛ වන බවත් ඒවා නතුකරගැනීම හරහා චීනයට සමස්ත ලෝකයටම එකවර දැඩි බලපෑම් කිරීමේ අවස්ථාවක් නිර්මාණය වී ඇති බවටත් අදාළ රටවල් විශ්වාස කරයි.