Friday, April 26, 2024

General line - 0115112241

අරාබි ප්‍රබලයෝ පකිස්තානයට එරෙහි වෙති




ප්‍රබලතම ඉස්ලාම් රාජ්‍යයන් දෙකක් වන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය,  පකිස්තානය සමග පවත්වාගෙන යන සබදතා දුර්වල තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

ජත්‍යන්තර විශ්ලේෂකයන් උපුටා දක්වමින් ඒෂියා ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇත්තේ සෞදි අරාබිය සහන කොන්දේසි යටතේ  පකිස්තානය වෙත ලබාදී තිබූ ඩොලර් බිලියන තුනක මුදලක් වහාම ආපසු ගෙවන ලෙස චීනයට දන්වා ඇති බවයි.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය පකිස්තාන ජාතිකයන්ට රැකියා වීසා නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබේ.

මෙම තීරණ වෙනස් කර ගැනීම සදහා පකිස්තානය මාස ගණනාවක සිට දැඩි උත්සහයක නිරත වුවද එය අසාර්ථක වී ඇති බව ඒෂියා ටයිම්ස් පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත.

මෙම හදිසි වෙනසට හේතුව මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශ වී නැතත් ඒෂියා ටයිම්ස්  පුවත්පත වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ පකිස්තානය , චීනය සමග දැඩි සබදතා පැවැත්වීම මීට හේතුව යැයි සැක කළ හැකි බවයි.