Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකාව පුරා විරෝධතා මාලාවක් ගැන FBI අනතුරු අඟවයි




වොෂින්ටන් නගරය ඇතුළු අමෙරිකාවේ ප‍්‍රධාන නගර 50 ක සන්නද්ධ කණ්ඩායම් විරෝධතා මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවට ත්‍ඊෂ ආයතනය අනතුරු අඟවා තිබෙනවා. 

නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ජෝ බයිඞ්න් එළඹෙන 20 වනදා ජනාධිපතිවරයා ලෙස දිවුරුම්දීමේ උත්සවය  අතරතුර එම විරෝධතා පැවැත්වීමට සැලැසුම් යොදා ඇති බවටයි FBI ආයතනය අනතුරු අඟවා ඇත්තේ. ඒ අනුව අමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ජෝ බයිඞ්න් දිවුරුම්දීමේ උත්සවය දැඩි ආරක්‍ෂක විධිවිධාන මධ්‍යයේ පැවැත්වීමට සැලසුම් කර ඇති බව විදෙස් වාර්තා අනාවරණ කළා. 

අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඞ්න්ගේ ජය තහවුරු කිරීම සඳහා ඉකුත්දා පැවති කොංග‍්‍රස් මණ්ඩලයේ ඡන්ද විමසීම අතරතුර ද වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්ගේ ආධාරකරුවන් විරෝධතාවක නිරත වුණා. 

එලෙස විරෝධතාවයේ නිරත වූ පිරිසක් කොංග‍්‍රස් මණ්ඩලය රැස් වන කැපිටල් ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුලූවීමත් සමග ඇතිවූ තත්ත්වය පාලනය කිරීමේදී පුද්ගලයන් සිව් දෙනෙකු ජීවිතක්‍ෂයට පත් වුණා.