Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුවන සියලු දෙනාට දැනුම් දීමක්




කොරෝනා වෛරස් වසංගතය අතරතුර ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් විසින් අනුගමනය කළ යුතු අතිරේක ක්‍රියාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව මෙරටට පැමිණෙන සියලුම විදෙස්ගත ලාංකිකයින් සහ විදේශ ගමන් බලපත්‍ර දරන්නන් මෙරට ඇතුළුවීමට පෙර විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් හෝ අදාළ රටේ පිහිටි ශ්‍රී ලංකා තානාපති සේවාවන් මගින් පූර්ව අනුමැතිය ලබා ගත යුතු වේ.

එවැනි අනුමත කිරීම් සෘජුවම සිය කාර්යාලයට යවන බවත්, පසුව එවැනි අනුමත මගීන් සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කරන ලෙස අදාළ ගුවන් සමාගම් දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු කරන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ.

2021 ජනවාරි 6 දින සිට බලපැවැත්වෙන පරිදි මෙරටට පැමිණීමට බලාපොරොත්තු වන මගී අනුමැතිය සඳහා වෙන්වූ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලෙස [email protected] පිහිටුවා ඇති අතර සියලු අනුමත කිරීම් මෙම විද්‍යුත් තැපැල් ලිපිනය හරහා හසුරුවන බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසන්නේ.

ඕනෑම මගී අනුමැතියක් සඳහා වෙනත් නිලධාරියෙකුගේ තැපැල් ලිපිනයට විද්‍යුත් තැපැල් යොමු කිරීමෙන් වළකින ලෙසයි සිවිල් ගුවන් සේවා අධිකාරිය සියලුම මගීන් ගෙන් ඉල්ලා සිටින්නේ.

මගී අනුමැතිය යනු වීසා බලපත්‍ර ලබාදීම නොවන බවත් මෙම වැඩපිළිවෙල  ක්‍රියාත්මක කර ඇත්තේ පවතින වසංගත තත්ත්වය හේතුවෙන් පමණක් බවයි වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කරන්නේ.