Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා වෛරසයේ නව ප‍්‍රභේදයේ අවදානම ගැන වෛද්‍ය සංගමයක් කතා කරයි




බි‍්‍රතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෛරස් ප‍්‍රභේදය මෙරට තුළ ව්‍යාප්තවීම වැලැක්විම සදහා විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කි‍්‍රයාවලියට යෙදවීම සහ ඔවුන් පරීක්‍ෂාවකට ලක්කිරීම උපරිමයෙන් සිදුකළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ බි‍්‍රතාන්‍යයේ නව වෛරස් ප‍්‍රභේදය සීග‍්‍ර ලෙස පැතිර ගියද ඉන් සිදුවිය හැකි හානිය අවම බව දැනට සිදුකර ඇති පරීක්‍ෂණ මගින් පැහැදිලි වන බවයි. 

වෛරසය ආසාදිත පුද්ගලයෙකු පළමු වරට මෙරටින් වාර්තාවූයේ ඊයේ දිනයේදීයි. එලෙස හදුනා ගැනුණු කොරෝනා ආසාදිතයා එංගලන්ත කි‍්‍රකට් කණ්ඩායමේ මොයින් අලීයි.

මෙම වෛරස් ප‍්‍රභේදය ගැන අනවශ්‍ය බියක් ඇති කර යුතු නැතැයි ද වෛද්‍ය සමන්ත ආනන්ද මෙහිදී සදහන් කළා.