Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පිතිකරණ බල ඇණියේ වගකීම ලහිරු තිරිමාන්න ගේ කරමතට




සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ තීරණාත්මක සිව්වන දිනය අදයි. සිය දෙවන ඉනිම කී‍්‍රඩා කරන ශ‍්‍රී ලංකා පිළ, ඊයේ දිනය නිමාවන විට කඩුළු 02 ක් දැවී ලකුණු 156 ක් රැස්කර ගෙන සිටියා. ඒ අනුව ශ‍්‍රී ලංකා පිළ, තවත් කඩුළු 08 ක් අතැතිව එංගලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 130 ක් පිටුපසින් සිටිනවා. 

ශ‍්‍රී ලංකාව සිය පළමු ඉනිමට සියලූදෙනා දැවී ලකුණු 135 යි. එංගලන්තය සිය පළමු ඉනිමට සියලූදෙනා දැවී ලකුණු 421 ක් රැස්කළා. ඊයේ දිනය නිමාවන විට ශ‍්‍රී ලංකා දෙවන ඉනිම වෙනුවෙන් නොදැවී පන්දුවට පහරදෙමින් සිටි ලහිරු තිරිමාන්න ලකුණු 76 ක් රැස්කරගෙන සිටියා.