Friday, April 26, 2024

General line - 0115112241

තිරිමාන්නගේ ශතකයෙන් ශ‍්‍රී ලංකාවට සැනසුම් සුසුමක්




එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ඉනිමක පරාජයකට ලක්වීමේ අවදානමක සිටි ශ‍්‍රී ලංකා පිළ එම අවදානමෙන් බේරා ගැනීමට ලහිරු තිරිමාන්න, අද සමත්වුණා. ඒ, අවශ්‍යම මොහොතේ ශ‍්‍රී ලංකා පිළ වෙනුවෙන් විශිෂ්ඨ ශතකයක් රැස්කර ගනිමින්.

පන්දු 251 කදී වාර්තා වූ ඔහු ලකුණු 111 ක් රැස්කළ අතර ඊට හතරේ පහර 12 ක් ඇතුළත්. එය තිරිමාන්නගේ දෙවන ටෙස්ට් ශතකයයි. 

ඊයේ සැඳෑ පිතිකරු ලෙස පිටියට පිවිසි ලසිත් ඇඹුල්දෙණිය දිනයේ පළමු කඩුල්ල ලෙස දැවීගියේ කිසිඳු ලකුණක් ලබා ගැනීමෙන් තොරවයි.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 30 ක් සහ නායක දිනේෂ් චන්දිමාල් නොදැවී ලකුණු 20 ක් රැස්කර ගෙන සිටියා.

දෙවන ඉනිම වෙනුවෙන් පන්දුවට පහර දෙන ශ‍්‍රී ලංකා පිළ කඩුළු 04 ක් දැවී ලකුණු 242 ක් රැස්කර ගෙන සිටිනවා. ඒ අනුව ශ‍්‍රී ලංකා පිළ තවත් කඩුළු 06 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 44 ක් පිටුපසින් සිටිනවා.

සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාව රැස්කළ ලකුණු 135 ට පිළිතුරු ලෙස එංගලන්තය ලකුණු 421 ක් රැස්කළා.