Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා අභියෝගය මැද පාර්ලිමේන්තුව අද රැස්වෙයි




පාර්ලිමේන්තුව අද යළි රැස්වනවා. ඒ, දැඩි සෞඛ්‍ය රෙගුලාසි මධ්‍යයේයි. කෙසේවෙතත්, මෙවර සතියේ පාර්ලිමේන්තුව රැස්වන්නේ දින 02 ක් පමණක් බවයි පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පැවසුවේ.

ඔහු කියා සිටියේ ඊයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම එකගතාවට පැමිණි බවයි. සෞඛ්‍ය ආරක්ෂිතව පාර්ලිමේන්තු රැස්වීම පැවැත්වීම සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීම සඳහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ද මෙම රැස්වීමට සහභාගී වී තිබුණා.

ඔවුන් අවධාරණය කර ඇත්තේ සියලූ සෞඛ්‍ය රෙගුලාසි තදින්ම අනුගමනය කරමින් පාර්ලිමේන්තු රැුස්වීම පැවැත්විය යුතු බවටයි. අද දිනයේ පාර්ලිමේන්තුව මෙලෙස රැස්වන්නේ මන්තී‍්‍රවරුන් සිව්දෙනෙකු කොරෝනා වෛරසය ආසාදිතව ඇති පසුබිමක වීම විශේෂත්වයක්. 

අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර හා පියල් නිශාන්ත මෙන්ම පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් කොරෝනා ආසාදතයින් ලෙස හදුනා ගැණුනා. රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ සමීප ආශ‍්‍රිතයෙකු වීම හේතුවෙන් අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් ද ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා. ඔහු ඊයේ පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැුස්වීමට ද සහභාගී වී තිබුණා. 

කොරෝනා ආසාදිතයින් වාර්තාවීමෙන් පසු පසු මන්තී‍්‍රවරුන්, පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය, ආරක්ෂක නිලධාරීන් ඇතුළු 943 දෙනෙකු ඡුක්‍ඍ පරීක්ෂණවලට ලක් කෙරුණා. ඉන් පාර්ලිමේන්තු ආරක්ෂක නිලධාරීන් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් 09 දනෙකුට පමණක් වෛරසය ආසාදනය වී ඇති බවටයි අනාවරණ වුණේ.