Friday, April 26, 2024

General line - 0115112241

ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සිරකරුවන් සම්බන්ධ කරගනිමින් අභියාචනාධිකරණය නඩු විමසීම අරඹයි




කොවිඩ් වෛරසය හමුවේ වුවද රට තුළ අධිකරණ කටයුතු විධිමත්ව පවත්වා ගැනීමේ අරමුණ හා ඩිජිටල් තාක්ෂණය ඒ සඳහා යොදා ගැනීමේ ආරම්භයක් වශයෙන් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අභියාචනාධිකරණයේ නඩු කටයුතු සිදු කිරීම ඊයේ සිට සිදු විය. ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමර වලදී මෙම කටයුතු ආරම්භ විය.

මේ සදහා වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාර වල සිට අන්තර්ජාලය හරහා අවශ්‍ය සම්බන්ධතාවයන් සිදුකරන ලදී.

මෙම ක්‍රියාවලිය Lanka Government Network යටතේ බන්ධනාගාර ස්ථාන 28 ක දැනටමත් ආරම්භ කර ඇත. මෙම නව පහසුකම මඟින් එම බන්ධනාගාරවල සිටින රැඳවියන් අභියාචනාධිකරණයට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමට හැකි වනු ඇත.

වර්තමාන කෝවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම පහසුකම දිවයින පුරා උසාවි වෙත ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කෙරේ.