Friday, April 26, 2024

General line - 0115112241

අමෙරිකානු ඩොලරයේ විකිණුම් අගය රුපියල් 200 ඉක්මවයි




අමෙරිකානු ඩොලරයේ විකුණුම් මිල අද රුපියල් 200 සීමාව ඉක්මවා ගියා. ශ්‍රී ලංකා මහබැංකුව මගින් ප්‍රකාශිත විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 199.18 ක් ලෙසයි.

කෙසේ වෙතත්, වාණිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාත අනුව අද දිනයේදී ඩොලරයක විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා තිබුණා.

ආනයන වියදම් ඉහළ යාම හේතුවෙන් ඩොලරයේ අගය එලෙස ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත්දා ප්‍රකාශ කළේ. 

මේ අතර, කොළඹ කොටස් වෙළඳපොළේ සියළු කොටස් මිල දර්ශකයේ අගය අද තවදුරටත් වාර්තාගත ලෙස ඉහළ ගියා.

අද දිනයේ කොටස් වෙළඳපොළ ගනුදෙණු අවසන් වන විට සියළු කොටස් මිල දර්ශකයේ අගය සටහන් වූයේ ඒකක 8,463.43ක් ලෙසයි. සියළු කොටස් මිල දර්ශකයේ අගය ඉතිහාසයේ පළමු වරට ඒකක අටදහසේ සීමාව ඉක්මවා ගියේ ඊයේ දිනයේදීයි.