Friday, April 26, 2024

General line - 0115112241

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා




තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. මෙරව වෛරසය ආසාදනය වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරටයි. ඒ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ 06 වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ ඔහුයි. 

මීට පෙර අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි හා වාසුදේව නානායක්කාරටත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර හා පියල් නිශාන්තටත්, පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම්ටත් කොරෝනා වෛරසය ආසාදනය වුණා. ඒ අතරින් අමාත්‍ය වාසුදේව නානායක්කාර හා රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මේවනවිටත් පූර්ණ සුවය ලබා නිවෙස් වෙත පැමිණ තිබෙනවා.