Friday, April 26, 2024

General line - 0115112241

දේශ සීමාව නිසා ඉන්දියාව හා චීනය අතර යළිත් ගැටුම්




දේශ සීමා අර්බුදය පදනම් කර ගනිමින් ඉන්දියාව හා චීනය අතර යළිත් ගැටුම් හටගෙන තිබෙනවා. සිකීම් ප්‍රදේශය පදනම් කර ගනිමින් ඉන්දීය හා චීන හමුදා සෙබළුන් අතර එලෙස ගැටුම් හටගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.

ඉන්දු - චීන දේශසීමාව තුළ නේපාලයට සහ භූතානයට මැදිව පිහිටා අති මතභේදාත්මක සිකීම් ප්‍රදේශයට ඇතුළුවීමට චීන හමුදා සෙබළුන් උත්සහ දරා තිබෙනවා. එය වැළැක්වීම සඳහා ඉන්දීය හමුදාව විසින් ප්‍රහාර එල්ල කර ඇති අතර දෙපාර්ශවය අතර ගැටුම් හටගන ඇත්තේ ඉන් අනතුරුවයි. 

කෙසේවෙතත් ගැටුම් හේතුවෙන් කිසිඳු පාර්ශවයකට හානි සිදුව නැහැ. දෙපාර්ශවය අතර හටගත් ගැටුම්කාරී තත්ත්වය අණදෙණ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් සමථවකට පත්කර ගැනීමට හැකිවූ බව ඉන්දියාව ප්‍රකාශ කළා.