Saturday, April 27, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ සිට පැමිණි 29 කට කොරෝනා : බස්නාහිර පළාතේ කොවිඩ් ආසාදිතයින් ගණන 460ක් 




ඊයේ දිනයේදී වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 772 දෙනා සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 60,694ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම ඊයේ දිනයේදී තවත් පුද්ගල මරණ 02ක් වාර්තා වී ඇති අතර ඒ සමගම සමස්ත මරණ සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් තිබෙන බවයි වසංගත රෝග විද්‍යා අංශය පෙන්වා දෙන්නේ.

ඒ අතර ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එය 189ක් වනවා. මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 28ක්, නාරාහේන්පිට ප්‍රදේශයෙන් 27ක්, කොළඹ නගර සභා සීමාවෙන් 24ක්, කොල්ලුපිටිය ප්‍රදේශයෙන් 23ක්, කොළඹ කොටුව ප්‍රදේශයෙන් 15ක් සහ මහරගම ප්‍රදේශයෙන් 08ක් ලෙස මෙලෙස ආසාදීතයින් වාර්තා වී ඇත.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 178 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පුගොඩ ප්‍රදේශයෙන් 31ක්, වත්තල 17ක්, වැලිවේරිය 17ක්, රාගම 10ක්, කඩවත 10ක් සහ දොම්පේ 10ක් ලෙස ප්‍රදේශ වශයෙන් වැඩි ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 93ක් වාර්තා වී ඇත. ඉන් ආසාදිතයින් 61ක් දෙනෙකු මතුගම ප්‍රදේශයෙන් ද බේරුවල ප්‍රදේශයෙන් 20ක් ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.

මිට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 62ක් (පන්නල 18ක්, පොල්ගහවෙල 09ක්, නිකවැරටිය 08ක්, වැල්ලව 06ක්) , අම්පාර 36ක්, මහනුවර 17ක්, ගාල්ල 19ක්, මුලතිව් 07ක්, යාපනය 07ක්, මන්නාරම 13ක්, නුවරඑළිය 08ක්, හම්බන්තොට 10ක්, කිලිනොච්චිය 11ක්, පොළොන්නරුව 01ක්, මාතලේ 13ක්, පුත්තලම 07ක්, මඩකලපුව 04ක්, බදුල්ල 07ක්, කෑගල්ල 17ක්, රත්නපුර 23ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.

මේ අතර ඊශ්‍රායලයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් 29ක් සහ මාලදිවයිනේ සිට පැමිණි පුද්ගලයෙකුට ද වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඊයේ දිනයේදී මෙරට PCR පරීක්ෂණ 15,259ක් සිදුකර ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.