Saturday, April 27, 2024

General line - 0115112241

ඇස්ට්‍රාසෙනිකා එන්නත් රැගත් විශේෂ ගුවන් යානය කටුනායකට




ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට හිමි වූ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත් තොගය අද පෙරවරුවේ දිවයිනට රැගෙන ආවා. එරට විශේෂ ගුවන් යානයකින් එම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපොලට රැගෙන ආ බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු ටී කේ ජී කපිල පැවසුවේ.

එම එන්නත් තොගය නිල වශයෙන් භාරගැනීම සදහා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණි බවයි නෙත් නිවුස් ගුවන් තොටුපොල වාර්තාකරු සදහන් කළේ.

මෙම එන්නත් මාත්‍රා පළමුව එන්නත්කරණය සිදු කරන්නේ කොරෝනා මර්දන කටයුතුවල පළමු පෙළ සිටින පාර්ශව සදහායි. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා.