Friday, April 26, 2024

General line - 0115112241

කොවිඩ් වියදම් වෙනුවෙන් ආර්ජන්ටිනා රජය ධනවතුන්ට බදු පනවයි




කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් වෛද්‍ය උපකරණ ඇතුළු සෞඛ්‍ය පහසුකම් සහ සහනාධාර සැපයීම සඳහා ආර්ජන්ටිනාවේ ධනවත් පුද්ගලයින් වෙත බද්දක් පනවා තිබෙනවා. මිලියනපතියන්ගේ බද්ද ලෙස නම් කර ඇති එම බද්ද පැනවෙන්නේ ඩොලර් මිලියන 2.3 කට වඩා වත්කම් ඇති පුද්ගලයින්ටයි.

එම පුද්ගලයින් ආර්ජන්ටිනාව තුළ ප්‍රකාශයට පත් කර ඇති වත්කම් සඳහා සියයට 3 බැගින් ද, විදේශ රටවල ඇති වත්කම් සඳහා සියයට 5 බැගින් ද බදු ගෙවිය යුතු බව විදෙස් මාධ්‍ය සඳහන් කළා. 

ආර්ජන්ටිනාවේ පුද්ගලයින් 12,000 කට පමණ මෙම බද්ද පැනවෙන බවයි වාර්තා වන්නේ. මිලියනපතියන්ගේ බද්ද මගින් ඩොලර් බිලියන 03 ක පමණ අරමුදලක් හිමි වනු ඇති බවට ආර්ජන්ටිනා රජය අපේක්ෂා කරනවා. කොවිඩ් අරමුදලට අමතරව එම මුදල්වලින් ශිෂ්‍යත්ව ලබාදීම සහ සමාජ ආධාර ලබාදීමට ද නියමිතයි.