Friday, April 26, 2024

General line - 0115112241

ශ‍්‍රීලනිපයේ හදිසි සාකච්ඡාවක් පස්වරුවේ




යෝජිත වැට්බදු සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් අද (08) පස්වරුවේ පැවැත්වෙනවා. ඒ පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කිරීමේ අරමුණින්.

සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර පි‍්‍රයදර්ශන යාපා, සරත් අමුණුගම, නිමල් සිරිපාල ද සිල්වා සහ ලසන්ත අලගියවන්න ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසකගෙන් මෙම කමිටුව සමන්විත වනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායකද මෙම සාකච්ඡාවට එක්වීමට නියමිතයි.

වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත ලබන 11 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා.