Friday, April 26, 2024

General line - 0115112241

වේල්ලවීදියෙන් සොයා ගැනුණු කාන්තා මළ සිරුර ගැන තවත් හෙළිදරව්වක්




කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ අතහැර ගොස් තිබියදී සොයා ගැනුණූ කාන්තා මළ සිරුරක් බහා තිබූ ගමන් බෑගය රැගෙන ආ සැකකරු එම ගමන් බෑගය ද සමගින් පැමිණි බස්රථය මේවනවිට පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සැකකරු අදාළ ගමන් බෑගය රැගෙන පැමිණි මාර්ග අංක 143 හංවැල්ල - පිටකොටුව ඔස්සේ ධාවනය කෙරෙන පෞද්ගලික බස්රථයක් මෙලෙස පොලිස් භාරයට ගත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බස්රථයේ රියදුරුගෙන් හා සහායකවරයාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

සැකකරු අදාළ ගමන් බෑගය ද රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කරන අවස්ථාවේදී බස්රථයට ගොඩවූ බව රියදුරු හා සහායකවරයා සිය ප්‍රකාශයේදී සනාථ කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.

මේ සම්බන්ධයෙන් තොරතුරක් වේ නම් 071 85 9 15 57 හෝ 011 2 43 33 33 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.