Saturday, April 27, 2024

General line - 0115112241

රුසියානු “ස්පුට්නික් වී” එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අනුමැතිය




රුසියානු “ස්පුට්නික් වී” එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය හිමිව තිබෙනවා. මෙරට තුළ භාවිතය සඳහා අනුමැතිය හිමිවූ දෙවන කොවිඩ් මර්දන එන්නත වන්නේ රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් වී” එන්නතයි.

මීට පෙර ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත මෙරට හදිසි භාවිතය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය අනුමැතිය ලබාදුන්නා.

ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන නෙත් නිවුස් වෙත කියා සිටියේ රුසියානු “ස්පුට්නික් වී” එන්නත නිපදවීමට යොදාගෙන ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත නිපදවීමට යොදාගත් ක්‍රමවේදයට සමාන ක්‍රමවේදයක් බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩපිළිවෙල යටතේ හිමිවන පළමු එන්නත් තොගය ලබන ඉරිදා මෙරටට ලැබීමට නියමිත බව ද රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන වැඩිදුරටත් සඳහන් කළා.