Saturday, April 27, 2024

General line - 0115112241

කොරෝනා නිසා ඈත් වූ විනෝදාස්වාදය යළි අමෙරිකාවට




කොවිඩ් වසංගත ව්‍යාප්තිය හමුවේ වසාදමා තිබූ අමෙරිකාවේ නිව්යෝර්ක් නගරයේ සිනමාහල් යළි විවෘත කර තිබෙනවා. ඒ, වසරකට අධික කාලයකට පසු පළමු වරටයි. විදෙස් මාධ්‍ය වාර්තා කලේ සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව සිනමාහල් යළි විවෘත කර ඇති බවයි.

මේ අතර, ඩිස්නිලන්තය ප්‍රමුඛ විනෝදාස්වාද අවස්ථා යළි කැලිෆෝනියා ප්‍රාන්තයේදී ආරම්භ කිරීමටද මේ වන විට තීරණය කර තිබෙනවා. ඒ, ලබන මාසයේ සිටයි. ඒ අනුව විනෝදාස්වාදය වෙනුවෙන් වෙන්වූ එළිමහන් ක්‍රීඩා, සියළු උද්‍යාන හා ක්‍රීඩංගන ද විවෘත වනු ඇති. නව නීතිරීති යටතේ, මේ සඳහා වෙන්කරවා ගැනීම් ප්‍රදේශවාසීන්ට පමණක් සීමා වනු ඇති. ගෘහස්ථ ආහාර ගැනීම ද තහනම් කර තිබෙනවා. ජනවාරි මැද භාගයේ සිට කැලිෆෝනියා ප්‍රාන්තයේ කොවිඩ් රෝගීන්ගේ අඛණ්ඩ අඩුවීමක් දක්නට ලැබීම මෙම තත්ත්වයයි.

අමෙරිකාව සැලකෙන්නේ කොවිඩ් ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ල වූ රට ලෙසයි. කෙසේවෙතත් සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙල හමුවේ අමෙරිකාවේ දෛනික ආසාදිතයන් සහ මරණ පහත වැටී තිබෙනවා.