Friday, April 26, 2024

General line - 0115112241

කතරගම පුදබිමට මල්මාලා තහනම් වෙයි




කතරගම පූජා භූමියට ප්ලාස්ටික් හා පොලිතින් මල්මාලා රැගෙන ඒම තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. පරිසර අමාත්‍යාංශය පැවසුවේ මෙම නව වැඩපිලිවෙල ලබන 22වනදා සිට ආරම්භ කිරීමට සූදානම් බවයි. ඒ අනුව ප්ලාස්ටික් හා පොලිතින් මල්මාලා වෙනුවට ස්වභාවික මල් හා තෙල් කඩදාසි වලින් සකසන මල් මාලා නියාමන ව්‍යාපෘතියක් ලෙස කතරගම පූජා භූමියට හදුන්වා දීමට නියමිතයි. පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ

මේ අතර, කතරගම මැණික්ගගේ වැලි ගොඩ දැමීම වහාම තහනම් කිරීමටද තීරණය කර තිබෙනවා. සුරකිමු ගංගා වැඩසටහනට සමගාමීව මෙය ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

මේ අතර, සමෘද්ධිලාභීන් හා අඩු ආදායම්ලාභීන් යොදාගෙන සමූපකාර ක්‍රමයට වැලි ගොඩ දැමීමට ජනාධිපති කාර්ය සාධන බලකාය කර ඇති යෝජනාව ක්‍රියාවට නැංවීමටයි පරිසර අමාත්‍යංශය මේ වන විටත් තීරණය කර ඇත්තේ. ඒ අනුව වැලි අලෙවි කිරීමේ මධ්‍යස්ථාන සෑම නගරයකම ආරම්භ කරනු ඇති.