Saturday, April 27, 2024

General line - 0115112241

අද ගෙන ආ එන්නත දෙන්න කොන්දේසි මාලාවක්




ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ යුනිසෙෆ් අරමුදල මගින් කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ පිරිනැමුනු පළමු එන්නත් මාත්‍රා තොගය හෙට සිට ජනතාවට ලබාදීමට තීරණය කර තිබෙනවා. කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ නෙත් නිවුස් වෙත කියා සිටියේ කොන්දේසි කිහිපයකට යටත්ව මෙම එන්නත් ලබාදීම් සිදුකරන බවයි. 

ඒ අනුව මේවනවිට ලැබී ඇති සියලු එන්නත් ලබාදීමට නියමිතව ඇත්තේ වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින්ට පමණයි. එමෙන්ම කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක වෙත එහි ප්‍රමුඛ අවදානය යොමු කරනු ඇති. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ එන්නත සඳහා ඉහළ ඉල්ලුමක් ලැබී තිබුණද, එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුව බවයි. 

කොවැක්ස් පහසුකම යටතේ ශ්‍රී ලංකාවට නොමිලේ පිරිනැමුනු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා දෙලක්ෂ 64,000 ක් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ආවා. ගුවන් යානයේ ශීතකරණ තුළ අසුරා තිබූ මෙම එන්නත් තොගය, ගුවන් යානයෙන් ගොඩබෑමෙන් පසුව කටුනායක ගුවන් තොටුපළ ආනයන ගුවන් භාණ්ඩ ගබඩාවේ ශීතාගාර තුළ තැන්පත් කෙරුණා.