Saturday, April 27, 2024

General line - 0115112241

තාම නිල දැනුම් දීමක් නැහැ – සනත් නිශාන්ත




තම පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙතෙක් නිල දැනුම්දීමක් ලැබී නැතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී සනත් නිශාන්ත පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ මාධ්‍ය වාර්තාවලින් පමණක් තමන් ඒ පිළිබඳ දැනුවත් වූ බවයි.

සනත් නිශාන්තගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඉකුත්දා තීරණය කළා.

ඊට එරෙහිව අධිකරණ කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි සනත් නිශාන්ත මන්ත‍්‍රීවරයා ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීමක් තමන්ට මෙතෙක් ලැබී නොමැති බව ඔහු සඳහන් කළා.