Friday, April 26, 2024

General line - 0115112241

ශ්‍රි ලංකා ලෙජන්ඩ්ස් සාර්ථකත්වයේ රහස ඩිල්ෂාන් හෙළි කරයි (VIDEO)




ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම දැක්වූ දස්කම් හේතුවෙන් මෙරට ක්‍රීඩාලෝලීන් තුළ යළි ක්‍රිකට් ප්‍රබෝධයක් ඇති වූ බව නායක තිලකරත්න ඩිල්ෂාන් පවසනවා. එම තරගාවලියේ අනුශූරතාව දිනා ගැනීමෙන් පසු දිවයිනට පැමිණීමෙන් අනතුරුව කටුනායක ගුවන් තොටුපොලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මෙරට ක්‍රිකට් උන්නතිය වෙනුවෙන් සහයෝගය ලබාදීමට තමන් ඇතුළු අත්දැකීම් බහුල ක්‍රීඩකයින් ඕනෑම අවස්ථාවක සූදානම් බවයි ඩිල්ෂාන් මෙහිදී සදහන් කළේ.

ඉන්දියාවේ පැවති රෝඩ් සේෆ්ටි පන්දුවාර විස්ස තරගාවලියේදී මෙරට ක්‍රිකට් ලෝලීන් යළි අතීතයට රැගෙන ගිය සනත් ජයසූරිය ද මෙහිදී අදහස් පළ කළා.

අනුශූරතාව දිනා ගැනීමෙන් පසු දිවයිනට පැමිණි ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම වයික්කාල් ප්‍රදේශයේ හෝටලයක් වෙත නිරෝධායනයට යොමු කර තිබෙනවා.