Friday, April 26, 2024

General line - 0115112241

ක්‍රීඩා ඇමති නාමල්ගෙන් ක්‍රීඩා ලෝලීන්ට සුබ පණිවිඩයක්




මෙරට පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රිකට් තරග ක්‍රීඩාලෝලීන්ට යළි නැරඹීමේ අවස්ථාව ලබාදීම කෙරෙහි ක්‍රීඩා අමාත්‍යංශයේ සහ සෞඛ්‍ය අංශවල අවධානය යොමුව  තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ ලබන මස පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ ටෙස්ට් තරගාවලිය, ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවෙන් සියයට 40කට හෝ 50කට නැරඹීමට අවස්ථාව ලබාදෙන ලෙස අදාළ අංශවලින් ඉල්ලීමක් කර ඇති බවයි.

ජාත්‍යන්තර තරගාවලි දෙකක් මෙරට පැවැත්වීම සදහා ක්‍රීඩා අමාත්‍යංශය අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවද ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී සදහන් කළා.