Friday, April 26, 2024

General line - 0115112241

සෑම පැයකදීම ඩොලර් මිලියන 400ක් ලෝක ආර්ථිකයට අහිමි වෙයි




ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළද මාර්ගය වන ඊජිප්තුව ආශ්‍රීත සූවස් ඇලේ සිරවී ඇති දැවැන්ත නෞකාව ඉන් මුදවා ගැනීම සඳහා මේ වන විට මෙහෙයමුක් ආරම්භ කර තිබෙනවා. ඒ අනුව නෞකාව සිරවී ඇති ප්‍රදේශයේ වැලි තට්ටු ඉවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ. ආසන්න වශයෙන් වැලි කියුබ් අඩි හත් ලක්ෂ 6,000ක් එහිදි ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි සූවස් ඇලේ බලධාරින් පවසන්නේ.

ඒ, සූවස් ඇල හරහා සිරවී ඇති මෙම දැවැන්ත නෞකාව නිවැරදි දිශානතියට ගැනීම සඳහායි. කෙසේවෙතත් ඒ සඳහා නෞකාවේ ඇති බහලුම්වලින් කොටසක් ඉවත් කළ යුතු වනවා. නෞකාව මුදා ගැනීමේ කටයුතු සඳහා අමෙරිකානු නාවික හමුදාවේ සහය ද මේ වන විට හිමි වී තිබෙනවා.

ලොව වඩාත්ම කාර්ය බහුල නාවික වෙළද මාර්ගය වන ඊජිප්තුව ආශ්‍රීත සූවස් ඇලේ දැවැන්ත නෞකාවක් සිරවීමත් සමග ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑම සුලු පටු නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. දෛනිකව සූවස් ඇල හරහා යාත්‍රා කරන භාණ්ඩ ප්‍රවාහන නෞකා සංඛ්‍යාව 52කට ආසන්නයි. දෛනික ප්‍රවාහන භාණ්ඩවල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 10ක්. එහි පැයක වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 400කට අධිකයි. මෙම නෞකාව සිරවීමත් සමග ප්‍රධාන පෙළේ නෞකා 240කට අධික සංඛ්‍යාවක් මේ වන විටත් සූවස් ඇල ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබෙනවා.