Saturday, April 27, 2024

General line - 0115112241

ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය යළි දරුණු අතට




ඉන්දියාව තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය යළිත් දරුණු අතට හැරී තිබෙනවා. එරට මාධය පැවසුවේ මේවනවිට ඉන්දියාවෙන් දෛනිකව 50,000 ඉක්මවූ කොරෝනා ආසාදිතයින් පිරිසක් වාර්තා වන බවයි. එලෙස දෛනික ආසාදිතයින් වැඩිවීමට හේතුව ඉන්දියාව තුළ කොරෝනා වෛරසයේ නව ප්‍රභේද කිහිපයක් සීග්‍රයෙන් පැතිර යාම බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

මේවනවිට කොරෝනා ආසාදිතයින් සැලකිය යුතු පිරිසක් වාර්තා වන්නේ පන්ජාබ්, කර්නාටක හා ගුජරාට් යන ප්‍රාන්තවලින්. කෙසේවෙතත්, මෙම තත්ත්වය තවදුරටත් ව්‍යවසනයක් ලෙස ව්‍යාප්තවීමට පෙර සුදුසු සෞඛ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. ඒ අනුව කොරෝනා රෙගුලාසි කඩකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බවත්, එවැන් පුද්ගලයින් සඳහා දඩ මුදල් නියම කළ යුතු බව හා මුව ආවරණ භාවිතය අනිවාර්යය කළ යුතු බව සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙනවා. 

ඉන්දියාවෙන් මේවනවිට වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව එක් කෝටි 28 ලක්ෂය ඉක්මවා තිබෙනවා. එරටින් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව විසිඅට ලක්ෂයකට අධිකයි.