Saturday, April 27, 2024

General line - 0115112241

පකිස්ථානය හා දකුණු අප්‍රිකාව ක්‍රිකට් ඉතිහාසය අලුතින් ලියයි




පකිස්ථානය සහ දකුණු අප්‍රිකාව අතර පැවති පළමු එක්දින තරගයේදී නව ලෝක වාර්තාවක් බිහි වී තිබෙනවා. වාර්තාව පිහිටුවා ඇත්තේ පාකිස්ථාන නායක බාබර් අසාම්.

ඔහු මෙම තරගයේදී පිහිටවූ වාර්තාව වන්නේ අඩුම එක්දින තරග සංඛ්‍යාවකින් ශතක 13නේ කඩයිම පසුකර ගිය පලමු ක්‍රීඩකයා ලෙසයි. ඔහු මෙම ශතක 13 රැස් කර ඇත්තේ ඉනිම් 76කින්. මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ඉනිම් 83කින් එම කඩයිම පසු කර ගිය දකුණු අප්‍රිකාවේ හශීම් අම්ලායි.