Friday, April 26, 2024

General line - 0115112241

ඉන්දියාවේ ක්‍රිකට්, කොරෝනා පොකුරක්




තවත් ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව කොරෝනා වෛරසයට ගොදුරු වූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක  සංඛ්‍යාව 07ක් දක්වා ඉහල ගියා. මෙලෙස වෛරසය ආසාදනය වී ඇත්තේ දක්ෂ දඟ පන්දු යවන්නෙකු වන අක්සාර් පටෙල්ටයි. ඔහු ඉකුත්දා පැවති එංගලන්ත - ඉන්දිය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට ද සහභාගී වූණා.

එමෙන්ම ලබන 09වනදා ආරම්භවන අයි පී එල් ක්‍රිකට් තරගාවලියටද අක්සාර් පටෙල් සහභාගී වීමටයි නියමිතව සිටියේ. ඒ අනුව අයි පී එල් තරගාවලියට සහභාගී වීමට නියමිතව සිටියදී කොරෝනා වෛරසය ආසාදනය වූ දෙවන ක්‍රීඩකයා වන්නේ අක්සාර් පටෙල්. මීට පෙර නිටීෂ් රානාටද කොරෝනා වෛරසය ආසාදනය වුණා.

ශ්‍රී ලංකාවද කැපී පෙනෙන දක්ෂතා දැක්වූ රෝඩ් සේෆ්ට් වර්ල්ඩ් සිරිස් ක්‍රිකට් තරගාවලියට සහභාගී වු ඉන්දීය ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ක්‍රීඩකයින් 04 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මීට පෙර තහවුරු වුණා. සචින් ටෙන්ඩුල්කාර්, ඉර්ෆාන් පතාන්, යූසුෆ් පතාන් සහ එස් බද්‍රිනාත් එම ක්‍රීඩකයින් වනවා. ඒ අතරින් සචින් ටෙන්ඩුල්කාර් ඉකුත්දා රෝහල් ගත කෙරුණා. 

මීට අමතරව ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා හර්මන්ප්‍රීට් කෝර්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.