Friday, April 26, 2024

General line - 0115112241

චීන ඉන්දියා දේශ සීමාව දකුණු චීන මුහුදක් වනු ඇති බවට අනතුරැ ඇගවීමක්




ඉදිරියේදී චීනය සහ ඉන්දියාව අතර වන දේශසීමාව දකුණු චීන මුහුද මෙන් ගැටුම් සහ උණුසුම්කාරී වාතාවරණයන්ට මැදිවුණ කලාපයක් වනු ඇති බවට අන්තර්ජාතික භුදේශපාලනික විශේෂඥයන් පිරිසක් අනතුරැ අගවා තිබේ.

චීනය විසින් ඉන්දියාවට අයත් බවට ප්‍රකාශ වී ඇති හෝ අයිතිය සම්බන්ධයෙන්  අර්බුදවලට මැදිව ඇති දේශසීමා කලාපවල නව ඉදිකිරීම් සිදුකිරීම මීට හේතුවයි.

එවැනි අර්බුද පවතින ලඩාක් ස්වයංපාලන කලාප දේශසීමාවේ චීනය විසින් සිදුකරන ලද හමුදා කදවුරැ සහ ගම්මාන ඉදිකිරීම් සම්බන්ධයෙන් මී⁣ට පෙර අර්බුදයක් මතුව තිබිණ.

මේ වනවිට අරැණාචාල් ප්‍රාන්ත සීමාවෙි අයිතිය සම්බන්ධයෙන් අර්බුදයක් පවතින ටවාන්ග් ප්‍රදේශයේ  චීනය විසින් නව ගම්මානයක් ඉදිකර ටිබෙට් සහ චීන වැසියන් පිරිසක් පදිංචි කර ඇති බව හෙළිවීමත් සමග මෙම  අර්බුදයට නව මුහුණුවරකින් උත්සන්න වී තිබේ.

චීනය අදාළ අර්බුදකාරී දේශසීමා කලාපවල නව ගම්මාන මෙන්ම හමුදා කදවුරැ , ගුවන් ආරක්ෂණ පද්ධති සහ භූගත ආයුධ ගබඩා ඉදිකිරීම ගැටලුව තවත් වර්ධනය කර ඇති බව අදාළ වි⁣ශේෂඥයෝ  වැඩිදුරටත් පෙන්වා දෙති.

අයිතිය පිලිබද අර්බුද පවතින සහ පොදු අයිතිය යටතේ ඇති දකුණු චීන මුහුදේ  කුඩා දූපත්වල සහ සමුද්‍ර සීමා සම්බන්ධයෙන් චීනය විසින් අයිතිවාසිකම් කීම හේතුවෙන් දකුණු චීන මුහුද ආශ්‍රිතව දැඩි උණුසුම් දේශපාලන අර්බුදයක් මතුව තිබේ.

ඊට චීනය,වියට්නාමය,මලයාසියාව,ඉන්දුනීසියාව,පිලිපීනය,බෲනයි, සහ තායිවානය යන රටවල් රැසක් මැදීවී සිටියි.