Friday, April 26, 2024

General line - 0115112241

පිලිප් කුමරුගේ අවසන් ගමනට දින නියම කෙරේ




දෙවන එළිසබෙත් රැජිනගේ ස්වාමිපුරුෂයා වූ අභාවප්‍රාප්ත පිලිප් කුමරුගේ අවසන් කටයුතු ලබන සෙනසුරාදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා. එම කටයුතු රූපවාහිනය ඔස්සේ සජීවීව විකාශණය කිරීමටයි කටයුතු යොදා ඇත්තේ. බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කළේ මෙම අවමංගල්‍ය උත්සවය සාමාන්‍ය රාජකීය අවමංගල්‍ය උත්සවයකට වඩා චාරිත්‍රාණුකූල අවමංගල්‍ය උත්සවයක් බවට පත් කරුනු ඇති බවයි. 

පිලිප් කුමරුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු කිරීමට නියමිතව ඇත්තේ වින්ඩ්සර් කාසල්හි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයේදීයි. සිය අවසන් කැමැත්තට අනුව පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවය සංවිධානය කරනු ඇති බවටයි වාර්තා පල වන්නේ. ඒ අනුව ඔහු ඉල්ලා ඇති පරිදි ඉතා චාම් අවමංගල්‍ය උත්සවයක් සංවිධානය කරනු ඇති බවටද බ්‍රිතාන්‍යය මාධ්‍ය අද තොරතුරු අනාවරණ කළා.

මේ අතර අභාවප්‍රාප්ත පිලිප් කුමරු වෙනුවෙන් ශෝකවූ බ්‍රිතාන්‍යය ඇතුලු ලෝකවාසි ජනතාව මේ වන විටත් ඔහු සිහි කරමින් විවිධ මතක සැමරුම්වල නිරත වෙනවා. අභාවප්‍රාප්ත විට පිලිප් කුමරු අවුරුදු 99 හැවිරිදි වියේ පසුවුණා. 1921 වසරේ ජූනි 10 වනදා ග්‍රීසියේ ගකෝෆු දූපතේ උපත ලැබූ පිලිප් මවුන්ට්බැටන්, බි්‍රතාන්‍ය රජ කිරුළේ හිමිකාරිය වූ එළිසබෙත් කුමරිය සමග විවාහ වූයේ 1947 වසරේදීයි. ලොව කීර්තිමත් රාජකීය අඹුසැමි යුවළක් ලෙස දිවිගෙවූ ඔවුන් දෙපළගේ යුග දිවියට වසර 73 ක්.