Friday, April 26, 2024

General line - 0115112241

කොරෝනා එන්නත් විද ඉන්දියාවෙන් ලෝක වාර්තාවක්




කොවිඩ් එන්නත්කරනය සම්බන්ධයෙන් ඉන්දියාව ලෝක වාර්තාවක් බිහිකර තිබෙනවා. ඒ, එන්නත් මාත්‍රා මිලියන 100කට වඩා වැඩි සංඛ්‍යාවක් අඩුම දින ගණනකින් ලබා දුන් පළමු රට බවට පත් වෙමින්. ඉන්දියාව මෙම කඩයිම පසු කර ගියේ දින 85ක් වැනි කෙටි කාලයකදීයි. අමෙරිකාව දින 89කදීද, චීනය දින 102 කදීද කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 100යේ සීමාව මීට පෙර පසු කර ගොස් තිබුණා. 

ඒ අනුව කොරෝනා එන්නත්කරනයේ මිලියන 100 පසු කළ ලොව වේගවත්ම රට බවට ඉන්දියාව පත් වුවද ඔවුන් මේ වන විට සිටින්නේ දැඩි අර්බුධකාරී තත්ත්වයකයි. ඒ, දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයින් මින් පෙර නොවූ පරිදි වාර්තාගත ලෙස ඉහල යාම හේතුවෙන්.

ඉන්දීය මාධ්‍ය වාර්තාවලට අනුව මේ වන විට ඉන්දියාවෙන් දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව එක් ලක්ෂ 50,000කට අධිකයි. අද වන විට දෛනික මරණ සංඛ්‍යාව 800යේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. 
මෙලෙස ඉන්දියාවේ දෛනික ආසාදිතයින් වාර්තාගත ලෙස ඉහල ඉකුත් සතියක පමණ කාලයක සිටයි.