Saturday, April 27, 2024

General line - 0115112241

LTTEය ප්‍රවර්ධනය කළ තරුණයින් 05 දෙනෙකු TID අත්අඩංගුවට




එල් ටී ටී ඊ සංවිධානය ප්‍රවර්ධනය කිරීමේ චෝදනා මත පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් එම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත සඳහන් කළේ. සැකකරුවන් යාපනය සහ කිලිනොච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා.