Saturday, April 27, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ශූරයෝ අද වැඩ අල්ලති




ආසියානු බර ඉසිලීමේ තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් දෙදෙනෙකු අද තරග බිමට පිවිසෙනවා. මෙවර තරගාවලියේ පැවැත්වෙන්නේ උස්බෙකිස්තානයේදීයි. ඒ අනුව තිලංක පලගසිංහ කිලෝග්‍රෑම් 61 බර පන්තියෙන් සහ ඉසුරු කුමාර කිලෝග්‍රෑම් 55 බර පන්තියෙන් අද තරග වැදීමට නියමිතව තිබෙනවා.

මෙවර ආසියානු බර ඉසිලීමේ තරගාලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් තිදෙනෙකු සහ ක්‍රීඩිකාවක් එක්ව සිටිනවා. පොදුරාජ්‍ය මණ්ඩලයීය රිදී පදක්කම්ලාභි ඉන්දික දිසානායක මෙවර තරගාවලියේදී කිලෝග්‍රෑම් 73 බර පන්තියෙන් සහ චතුරිකා ප්‍රියන්ති කිලෝග්‍රෑම් 81 බර පන්තියෙන් තරග වැදීමට නියමිතයි.

ටෝකියෝ ඔලිම්පික් උළෙල සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස මෙවර ආසියානු බර ඉසිලීමේ තරගාවලිය පැවැත්වෙනවා.