Friday, April 26, 2024

General line - 0115112241

එලිමහන් ස්ථානවල මුව ආවරණ පැළඳීමේ රෙගුලාසි අත්හිටුවීමට ඊශ්‍රායලය තීරණය කරයි




එලිමහන් ස්ථානවල මුව ආවරණ පැළඳීමේ රෙගුලාසි අත්හිටුවීමට ඊශ්‍රායලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ දිනයේ සිට එළිමහන් ස්ථානවල මුව ආවරණ පැළඳ සිටීමේ අවශ්‍යතාවක් නොමැති බවයි ඊශ්‍රායල බලධාරීන් එරට ජනතාවට දැනුම් දී ඇත්තේ.

ඊශ්‍රායලයේ සෞඛ්‍ය කටයුතු අමාත්‍ය යූලි එඩල්ස්ටීන් පැවසුවේ සාර්ථක කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් රට තුළින් හඳුනා ගැනෙන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සීග්‍රයෙන් පහළ ගොස් ඇති බවයි.

ඒ හමුවේ එළිමහන් ස්ථානවලදී මුව ආවරණ පැළඳීමේ අවශ්‍යතාවක් රටතුළ මේවනවිට නොමැති බවයි ඔහු සඳහන් කළේ.

කෙසේවෙතත්, ගෘහස්ථ ස්ථානවල හා පොදු ස්ථානවලදී තවදුරටත් මුව ආවරණ පළඳින ලෙසයි බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

ඊශ්‍රායලය යනු ලොව සාර්ථකව කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක ඉදිරිපෙළ රටක්. එරට තුළ භාවිත කරන්නේ ෆයිසර් බයෝ එන්ටෙක් එන්නතයි. ඊශ්‍රායලයේ සමස්ථ ජනගහනයෙන් සියයට 54 ක පමණ පිරිසකට මේවනවිටත් එම එන්නතේ මාත්‍රා 02 කම ලබාදී අවසන්.