Friday, April 26, 2024

General line - 0115112241

පෝට් සිටි ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත මගින් ආර්ථිකය ස්ථාවර කර ගනිමින් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කර ගත හැකියි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන්




කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පත මගින් රටේ ආර්ථික ස්ථාවරභාවය ඇති කරගනිමින් රටේ ස්වෛරීභාවය ආරක්ෂා කරගත හැකි බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසනවා. පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මේ බව කියා සිටියා. 

පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ ඉකුත්දා මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම පනත් කෙටුම්පතට එල්ල කළ විවේචනයන් සම්බන්ධයෙන් ද මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් මෙහිදී අදහස් දැක්වූවා.