Friday, April 26, 2024

General line - 0115112241

පෝට් සිටි භුමිය සම්බන්ධයෙන් හිටපු ඇමති වජිර ගෙන් හෙළිදරව්වක්




කොළඹ වරාය නගර භූමිය පසුගිය රජය සමයේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයට යටත් කරමින් තමන් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා.

අදාළ භූමිය විශේෂිත කලාපයක් ලෙස මෙරට භූමියට එක්කර නොමැති බවයි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.