Friday, April 26, 2024

General line - 0115112241

රංගන, දිල්රුවන් හා කුසල්ට තවත් උසස් වීමක්




රංගන හේරත්, දිල්රුවන් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් අන්තර් ජාතික ටෙස්ට් ක‍්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වලින් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ, ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවති තරගයේදී දැක්වූ දක්ෂතා හේතුවෙන්.

එම තරගයේදී කඩුලු 11ක් ලබාගත් දිල්රුවන් පෙරේරා ටෙස්ට් පනන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 11කින් ඉදිරියට පැමිණියා.

ඒ අනුව ඔහු දැන් පසුවන්නේ එම සටහනේ 16වන ස්ථානයේයි. රංගන හේරත් එම සටහනේ 8වන ස්ථානයේ පසුවනවා. ස්ථාන 4කින් ඉදිරියට පැමිණි කුසල් මෙන්ඩිස් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීමේ සටහනේ පසුවන්නේ 17වන ස්ථානයේයි.

ශ‍්‍රී ලංකාව සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර 3වන සහ අවසන් ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන සෙනසුරාදා කොළඹ එස්.එස්.සී. පිටියේදී ආරම්භ වනවා.